විදුලි බිල වැඩි කිරීමට එරෙහිව මහජනයා හා වෘත්තීය සමිති මතු කරන්නට යන විරෝධයේදී අදාළ පාර්ශ්ව නීතිය අනුව ක්‍රියා කළ යුතු බවත් කතා කිරීමේ හා රැස්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අනුල්ලංඝණීය අයිතිය සුරැකිය යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියයි.
ලබන 21 වැනිදා මහජන සංවිධාන හා වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසේ.
විදුලි බිල වැඩිකිරීමේ ප්‍රශ්නය මහජන වැදගත් කමක් ඇති කාරණයක් හෙයින් ඒ ගැන සාමකාමීව අදහස් දැක්වීම මහජනයා සතු අයිතියක් බවත්, එම අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද තහවුරු කර ඇති බවත්, එහෙයින් එවැනි අයිතිවාසිකම් භුක්ති විඳීමට ඉඩදී සියලුදෙනාම නීත්‍යනුකූලව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් නීතීඥ සංගමය කියයි.