සාම දර්ශකයේ ලංකාව 110


 

 

ලෝක සාම දර්ශකයේ මුල් තැන අයිස් ලන්තයටත් දෙවැනි තැන ඩෙන්මාකයටත් තෙවැනි තැන නවසීලන්තයටත් හිමි වෙද්දී ශ්‍රී ලංකාව 110 වැනි ස්ථානයට පත්ව සිටී.

ගිය වසරේ ශ්‍රී ලංකාව 103 වැනි ස්ථානයේ සිටියේය.

ආර්ථික හා සාම කටයුතු පිළිබඳ ආයතනය මෙම සමීක්ෂණය පවත්වයි.

රටවල් 110ක සාමකාමී තත්ත්වය තව ප්‍රබල ලෙස පහළ වැටී ඇති බවත් කියයි.

යුද්ධයක් පවතින සිරියාව 161 වැනි තැනට පත්වී සිටියි.

ඇෆ්ගනිස්ථානය 162වැනි ස්ථානතේ ඉන්දියාව 141 වැනි ස්ථානයටත් පත්ව ඇත.

රටක අභ්‍යන්තර සාමයට සම්බන්ධ කරුණු 22ක් මත මේ සෝදිසිය පැවැත් වේ.

දේශපාලන ස්ථාවරත්වය, අවම මිනී මැරුම්, පුංචි සිර ගෙයක් ඇති අයිස්ලන්තය මුල් තැනට පත්ව ඇති අතර බටහිර යුරෝපයේ ඩෙන්මාකය, ඔස්ට්‍රියාව, ස්විස්ටර්ලන්තය, පින්ලන්ය, ස්වීඩනය හා බෙල්ජියම මුල් රටවල් 10 අතරට පත්වී සිටියි.

මේ සෝදිසියට රටවල් 162ක් අයත් විය.

2008 මට්ටමට වඩා සාමය සියයට පහකින් 2013දී අඩුවී ඇතැයි සමීක්ෂකයෝ කියති.