මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ එක්දින සේවාවක් දෙසැම්බර් 05 සෙනසුරාදා කොළඹ කාර්යාලයේ දී පවත්වන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
එදින උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා මේ සේවාව පැවැත්වේ.
එක් දින හැඳුනුම්පත් නිකුත් කිරීමේ දී ගාස්තුව ලෙස රුපියල් 1000.00 ක් අයකරන බවත් මේ සඳහා විභාගයට සූදානම් වන දරුවන් පැමිණීම අවශ්‍ය නොවන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. හැඳුනුම්පතට අවශ්‍ය සියළු ලේඛණ රැගෙන එය අවශ්‍ය සිසුවා හෝ සිසුවිය විසින් බලය පැවරීමේ ලිපියක් ද සහිතව පැමිණෙන මවට, පියාට හෝ වෙනත් ඥාතියකුට හැඳුනුම්පත් නිකුත් කරයි.

