කොළඹ ලොකු හෝටලවල මංගල සාදවලට විකිණීම සඳහා ගබඩා කර තිබූ බව කියන විස්කි බ්‍රැන්ඩි ඇතුළු රට මත්පැන් බෝතල් 850 ක් කොච්චිකඩේ හා ඇවරිවත්තේ සාප්පු දෙකකින් සොයා ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.
සැකකරුවෝ තිදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී.ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් අදාළ වැටලීම සිදුකරනු ලැබීය.

