සාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරයි


ශාන්ත පීතර විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේ පැවැති 79 වැනි ශාන්තුවරයන්ගේ වාර්ෂික මහ කි‍්‍රකට් තරගය අද (02) ජය පරාජයෙන් තොරව අවසන් විය.

ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 7කට ලකුණු 253 රැස්කළේ ශාන්ත ජෝශප් විදුහලට ජයග‍්‍රහණය සඳහා ලකුණු 209 ක ඉලක්කයක් දෙමිනි. මෙම අභියෝගය නොබියව බාරගත් ශාන්ත ජෝශප් කී‍්‍රඩකයන් තරගය නතර කිරීමට පෙර සිය දෙවැනි ඉනිම වෙනුවෙන්  ඕවර 24.2 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 138 ක් ලබාගත්තේ  ඕවරයකදී ලකුණු 5.75ක වේගයක් පවත්වා ගනිමිනි.

පළමු ඉනිමේ ලකුණු 70ක් රැස්කළ ශාන්ත පීතර විදුහලේ ජනිත් ලියනගේ දෙවැනි ඉනිමේදීත් ලකුණු 64 ක් ලබාගනිමින් ඔහුගේ දෙවන අර්ධ ශතකයද ලබාගත්තේය.
ශාන්ත ජෝශප් විදුහල වෙනුවෙන් සදීර සමරවික‍්‍රම (127) ශතකයක් ලබාගත් අතර ශාන්ත පීතර පිල වෙනුවෙන් ශෂේන් ප‍්‍රනාන්දු (81) සහ ජේසන් බුල්ජන්ස් (64) අර්ධ ශතක ලබාගත්හ. 

ශාන්ත පීතර විදුහල පළමු ඉනිමේදී කඩුලූ 9කට ලකුණු 236 (පන්දු  ඕවර 60)
(ජනිත් ලියනගේ 70, කි‍්‍රශාන් ප‍්‍රනාන්දු නොදැවී 42, ජුලියන් ද සිල්වා 31, ජේසන් බුල්ජන්ස් 26, ශමිල ඔබේසේකර 20, කාවින්ද ද තිසේරා 18, අරවින්ද අකුරුගොඩ 45/3, සචින් හේවාවසම් 35/2)

ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිමේදී කඩුලූ 8කට ලකුණු 281 (පන්දු  ඕවර 60)
(සදීර සමරවික‍්‍රම 127, සචින් හේවාවසම් 53, ඩිලාන් ප‍්‍රනාන්දුපුල්ලේ 45, ප‍්‍රිමාල් පෙරේරා 16, ජුලියන් ද සිල්වා 72/3, දුෂාන් හේමන්ත 55/2)

ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිමේදී කඩුලූ 7කට ලකුණු 253 (පන්දු  ඕවර 60.2)
(ශෂේන් ප‍්‍රනාන්දු 81, ජේසන් බුල්ජන්ස් 64, ජනිත් ලියනගේ 64, ෆැබියන් ප‍්‍රනාන්දු 45/4, සචින් හේවාවසම් 60/2)

ශාන්ත ජෝශප් විදුහල දෙවැනි ඉනිමේදී කඩුලූ 5කට ලකුණු 138 (පන්දු  ඕවර 24.2)
(පේ‍්‍රමාල් පෙරේරා 52, සදීක සමරවික‍්‍රම 31, යෂාන් සමරසිංහ 25, ඩිලාන් ප‍්‍රනාන්දුපුල්ලේ 21, චමිල ඔබේසේකර 16/2)

 

*02