මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු තනතුර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියන්ට ලබාදීමට එහි විධායක මණ්ඩලය තීරණය කර ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මාදුළුවාවේ සෝභිත හිමියන් කරගෙන ආ කටයුතු භාරගෙන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ඉදිරි කටයුතු කරගෙන යන ලෙස එහි විධායක මණ්ඩලය කළ ඉල්ලීම දඹර අමිල හිමියන් පිළිගෙන ඇතැයි ද වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් උන් වහන්සේ හා විධායක සභාව අතර විශේෂ සාකච්ඡාවක් ද පසුගිය දිනෙක පවත්වා ඇත.
දඹර අමිල හිමියෝ ජාතික භිකෂු පෙරමුණ ඇතුළු භික්ෂු සංවිධාන රැසක නායකත්වය දැරූ හිමි නමකි.

