සාධාරණ මැතිවරණයක් පතා ලන්ඩනයේ උද්ඝෝෂණ


සාධාරණ ජනාධිපතිවරණයක් පැවැත්වීම, මැතිවරණ නීති සුරැකීම සහ දුෂණය වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා රජයට බල කිරීමේ උද්ඝෝෂණයක්  ජනවාරි 2 වැනිදා දහවල් 2 සිට 5 දක්වා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ පිළිබඳව නිකුත්කර ඇති නිවේදනයේ සඳහන්ව ඇත්තේ "ජාති, ආගම්, පක්ෂ බේදයකින් තොරව මාතෘ භුමියේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ යහ පාලනය අගයන සැමට" මෙම උද්ඝෝෂණයට සහභාගි විය හැකි බවයි.