ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණය සාධාරණ, සාමකාමි, ප‍්‍රජාතන්ත‍්‍රවාදිව පවත්වන මෙන් ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජවාදි ජන රජයේ මැතිවරණ කොමසාරිස්ට දන්වමින් ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව සංවිධානයේ ප‍්‍රධානත්වයෙන් පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය ඉදිරිපිට 2014 දෙසැම්බර් 23 වැනි අගහරුවාදා සවස තුනට සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීය.
සංවිධානයේ ක‍්‍රියාකාරීන්වූ අජන්ත කල්දේරා, පුෂ්පසිරි ද අල්විස්, ඩේමියන් පීරිස්, රෙක්ස් හෙට්ටිආරච්චි, මාධ්‍යවේදි සුනිල් ගාමිණි, නිහාල් මැනික්බෝව, සම්පත් වර්ණකුලසූරිය යන මහත්වරු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අමතන සංදේශය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපතිනියට බාර දුන්හ. තානාපති කාර්යාලය අවට දැඩි පොලිස් ආරක්ෂාවද යොදා තිබිණි.











