වෙසක් උත්සවය නිමිත්තෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මහමෙවුනා අසපුවේ ආමිස හා ප්‍රතිපත්ති පූජා වැඩසටහන් මාලාවක් පැවැත්විණි. ශීල සමාදාන වැඩසටහනක් ද ධර්ම දේශනා හා භාවනා වැඩසටහන් ද සත් බුදු වන්දනාවක් ද මේ අතර විය. එරට ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් මේ උත්සවය සඳහා සහභාගී වූහ.