සාත්තු සේවකයෝ සවුත්තු කරලාලු


වැඩිකළ දීමනා මූලික වැටුපට එකතු කරන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන බොරැල්ල කාසල් කාන්තා රෝහලේ සාත්තු සේවකයෝ පිරිසක් අද (10) පෙරවරුවේ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුණහ.

2016 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් සමස්ත රාජ්‍ය සේවයේ පිරිස භුක්ති විඳි වරප්‍රසාද අහිමි කරන යෝජනා ගෙනැවිත් ඇති බවත් රට පුරා පවත්වන විරෝධතා සතියේ එක් විරෝධතාවයක් ලෙස මෙය පවත්වන බවත් සමස්ත ලංකා සුව සේවා සංගමයේ ජාතික සංවිධායක මහින්ද ගුරුගේ මහතා පැවසීය.

health_20151210