කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලයට සඳුදා (07) බලෙන් ඇතුලු වීමට තැත් කළැයි කියන ආබාධිත සෙබළුන්ට කඳුළු ගෑස් ගැසීම ගැන නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා වාර්තාවක් කැඳවයි.
මේ ගැන පරික්ෂණයක් කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගෙන් යුත් කමිටුවක්ද පත් කර ඇත.
දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නිශාන්ත වීරසිංහ, බටහිර ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ යන මහත්වරු සෙසු අය වෙති.