(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මූල්‍ය බංකොලොත්භාවට හේතු පරික්ෂා කිරීම සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවේ සභාපති ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (6) පෙරවරුවේ ඇතිවිය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ රට බංකොලොත්භාවය සෙවීමට විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි යෝජනා කළේ සමගි ජන බලවේගය බවයි.

