අරණායක ප්‍රදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකුගේ සාක්කුවෙන් හා නිවසෙන් ගංජා සොයා ගත් බව කෑගල්ල කොට්ඨාස දූෂණ මර්ධන අංශය කියයි.
පොලිස් සුනඛයකු යොදවා සිදු කළ වැටලීමේදී ගංජා මිලිග්‍රෑම් 52450ක් සොයා ගැනිනි. මන්ත්‍රීවරයාගේ සාක්කුවේද ගංජා පැකට් කිහිපයක් තුබූ බව පොලීසිය කියයි.
මන්ත්‍රීවරයා සැකපිට අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.