(මනෝප‍්‍රිය ගුණසේකර)
රථවාහන වරදක් කළ පුද්ගලයකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා අල්ලස් ඉල්ලා ලබාගත් බවට පේරාදෙණිය පොලිසියේ සේවය කළ සැරයන්වරයකුට එරෙහිව පවරා තිබු අල්ලස් නඩුවක පැමිණිලිකාර තරුණයා පැමිණිල්ලට අගතිදායක සාක්කිකරුවකු වශ්‍යයෙන් නම් කිරීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා විත්තියේ සාක්කි නොකැඳවාම විත්තිකාර පොලිසියේ සේවය කළ සැරයන්වරයා නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති හෙයින් විත්ති වාචකයක් නොකැඳවාම ඔහු නිදහස් කරන්නැයි පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිහාල් ගුණසිංහ මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තියේ සාක්කි නොකැ`දවාම විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ පේරාදෙණිය පොලිසියේ සැරයන්වරයකු ලෙස සේවය කළ ගෙළිඔය පදිංචි වරාගොඩ දුන්විල ගෙදර උපාලි ධර්මදාස මහතාය.
2014 මාර්තු මස පළමුවැනිදාත් 06 වැනිදාත් අතර කාලය තුළ පේරාදෙණියේදී රථවාහන වරදක් කළ පුද්ගලයකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා අල්ලස් ඉල්ලා ලබාගත් බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන් අල්ලස් ලබාදුන් බව කියන තරුණයා සාක්කි දෙමින් විත්තිකරු හඳුනා ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රශ්නගත අයුරින් සාක්කි ලබාදීම නිසා ඔහු පැමිණිල්ලට අගතිදායක සාක්කිකරුවකු ලෙස නම් කිරීමට සාක්කි ආඥා පනත යටතේ අල්ලස් කොමිසම කළ ඉල්ලීමකට අධිකරණය අවසර ලබාදී තිබිණි.
ඉන් පසුව පැමිණිල්ලේ සාක්කි විමසීම අවසන් කළ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිහාල් ගුණසිංහ මහතා අධිකරණය අමතමින් අල්ලස් නඩුවක පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කළ යුතු බවත් මෙම නඩුවේ පැමිණිලිකරුම පැමිණිල්ලට අගතිදායක සාක්කිකරුවකු ලෙස අල්ලස් කොමිසම විසින් නම් කොට ඇතැයි දැනුම් දුන්නේය.
මේ තත්වය යටතේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව තබා කිසි`දු ආකාරයකින් ඔප්පු කොට නොමැති හෙයින් විත්ති වාචක කැඳවීමකින් තොරවම ඔහු නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.