සාක්කිකාරිය අදත් අසනීපෙන්


තංගල්ලේ  හෝටලයකදී බ්‍රිතන්‍ය ජාතිකයකු මරා පෙම්වතිය කෙළසීමේ සිද්ධියේ සාක්කිකාරියක වන තංගල්ල නෙචර් හෝටලයේ කළමණාකාරිනි තරංගා පීරිස් සාක්කි කාරිය අසනීප වීම නිසා නඩුව  කල් තැබිණි.

මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම විනිසුරුවරිය බදිරියේ පෙර දින සාක්කි දෙමින් සිටියදී එම සාක්කිකාරිය  ක්ලාන්ත වීම නිසා නඩුව කල් තැබිණි.

සැකකරුවන්ට ඇප දෙන්නැයි නීතීඥවරුන් කළ ඉල්ලීම සලකා බැලු මහාධිකරණ විනිසුරුවරිය තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර ගුප්ත විදාන පතිරණ හැර සෙසු සැකකරුවන් පෙර ඇප මත මුදා හරින්නැයි නියෝග කළාය.