මීට වසර 12කට පමණ පෙර කොළඹ අලුත් හෙට්ටිවීදියේ දී හෙරොයින් ග්‍රෑම් 63 ක් ළඟ තබා ගත්තැයි අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා නියෝග කළේය.
මොහොමඩ් නිෂාම් හා මෙහොමඩ් රිස්මි එලෙස නිදහස් කෙරුණේ පොලිසියේ සාක්කි පරස්පර නිසාය.
පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ එම වැටලීමට නායකත්වය දුන් නිලධාරියා සාක්කි දෙමින් කීවේ වැටලීමට කාන්තා පොලිස් කොස්තාපල්වරියක නොගිය බවයි.
විත්තියේ නීතිඥ නිහාල් ගුණසිංහ මහතාගේ හරස් ප්‍රශ්න හමුවේ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් සැරයන්වරයකු සාක්කි දෙමින් කීවේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක වැටලීමට ගිය නමුත් ඇය වාහනයටම වී සිටි බවයි.
සාක්කි පරස්පරවීම මත සැකකරුවෝ මුදා හරිනු ලැබූහ.

