දකුණු ආසියා 19 වැනි සාක් සමුළුව කල් තැබීමට පාකිස්තාන විදේශ අමාත්‍යංශය සැරැසෙයි.
ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නිසා දකුණු ආසියා රටවල් අටේ සමුළුවට නොඑන බව ශ්‍රී ලංකාව ද ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පාකිස්තාන විදේශ අමාත්‍යංශය පැවසූයේ සාක් සභාපති ධූරය දරණ නේපාලය අලුත් දින පිළිබඳ නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දැනගන්නට ඇත.
නොවැම්බර් 9 -10 දිනවලට නියමිත මෙම සමුළුව කල් දමන බව පාකිස්තානය සිකුරාදා (30) රාත්‍රී නිවේදනය කළේය.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංගලිදේශය, නේපාලය, භූතානය, මාලදිවයින, ඇෆ්ගනිස්තානය සාක් සමුළුව නියෝජනය කරන රටවල් වේ.