සාක් රටවල් හොරිවිල වෙදකමේ අරුමය සොයයි


දකුණු ආසියා සාක් කලාපීය රටවල නියෝජිතයෝ පිරිසක් හොරිවිල කැඩුම් බිඳුම් වෙදකම පිළිබඳ අධ්‍යයනයකට හොරිවිල වෙද මැදුරට ආහ.

ඉන්දියාව බංගලිදේශය, පාකිස්තානය, නේපාලය, මාලදිවයින හා ශ්‍රී ලංකාවේ නියෝජිතයෝ හොරිවිල හේරත්හාමි මහ වෙද මහතාගේ පුත් පාරම්පරික වෛද්‍ය ශාන්ත සෙනවිරත්න මහතා විසින්   පිළිගනු ලැබූහ.

කඩුම් බිඳුම්,  ඇට දිරා යෑම්, ඇටවල කැල්සියම් වර්ධනය මෙන්ම දේශීය පැලෑටි ගැන ද ඔවුහු සොයා බැලූහ.

සෙනවිරත්න වෙද මහතා ඔවුනට හැලප ද,   කිතුල් හකුරු සමග පොල්කටුවෙන් බෙළිමල් ද පිළිගැන්වීය.