සාක් කැරම් තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් 3 ක්


ඉන්දියාවේ කොල්කටා නුවරදී පැවැති 17 වැනි දකුණු ආසියානු කැරම් තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිශාන්ත ප‍්‍රනාන්දු සමත් විය.

ලෝක ශූරතාවලියේදී කේවල ශූරතාවද දිනාගත් නිශාන්ත ප‍්‍රනාන්දු, සහ සහායක කී‍්‍රඩකයා වන චමිල් කු-රේ සමග එක්ව මෙවර දකුණු ආසියානු තරගාවලියේ පිරිමි යුගළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ද සමත් වූහ.

චලනි ලක්මාල් සහ ජෝශප් රොෂිටා කාන්තා යුගළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූහ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රන් සහ රිදී පදක්කම් 3 බැගින් දිනා ගැනීමට සමත් වූහ.

පිරිමි සහ කාන්තා කණ්ඩායම් තරගවලදීත් ශී‍්‍ර ලංකාවට රිදී පදක්කම් හිමිවූ අතර ඉන්දියාව එම තරග වල රන් පදක්කම් හිමිකර ගත්තේය. මාලදිවයිනට තෙවැනි ස්ථානය හිමිවිය.  

කේවල අවසන් මහ තරගයේදී නිශාන්ත ප‍්‍රනාන්දු විසින් 25-15 සහ 25-9 ලෙස වට 2-0 කින් ඉන්දීය ක‍්‍රීඩක සන්දීප් දෙව්යුකාර් පාරජය කරන ලදි.  පිරිමි යුගළ ඉසව්වේ අවසන් මහ තරගයේදී නිශාන්ත ප‍්‍රනාන්දු සහ චමිල් කු-රේ එක්ව 25-24 සහ 25-22 ක් ලෙස වට 2-0 ක් වශයෙන් ඉන්දීය ක‍්‍රීඩකයන් පරාජය කිරීමට සමත් වූහ.

කාන්තා යුගළ අවසන් මහ තරගයේදී චලනි ලක්මාල් සහ ජෝශප් රොෂිතා, එක්ව ඉන්දීය ක‍්‍රීඩිකාවන් වන රෂ්මි කුමාරි සහ අයි. ඉලවලාකි ලකුණු 25-15 සහ 25-14 ක් ලෙස පරාජය කරමින් රන් පදක්කම දිනා ගත්හ.

බි‍්‍රඞ්ලි වික‍්‍රමසිංහ සහ යෂිකා රහුබද්ධ එකතුව මිශ‍්‍ර යුගළ ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත්හ.