යුද අපරාධ ගැන අමිහිරි චෝදනා මැද්දේ සිය සමගිය පෙන්වමින් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයෝ අද (17) දුප්පත්කම හා සංවර්ධනය පිළිබද ගිවිසුම්වලට අත්සන් කළහ.
“සාර්ථක සාකච්ඡාවකින් ″ පසු කොළඹ ප්‍රකාශනයට අත්සන් කළ බව චෝගම් නව සභාපති මහින්ද රාජපක්ෂ ජනපති ප්‍රකාශ කළේය.
චෝගම් සමුළුවේ ප්‍රගතිය ගැන සතුටට පත් වන බව ඔහු කීවේය.
සමානාත්වයේ වියදමින් ආර්ථික සංවර්ධනය සිදු නොවිය යුතු යැයි ද සාධාරණත්වය මත සංවර්ධනය සිදු වීමට පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රමුඛත්වය හිමි විය යුතු යැයිද ජනපති කීවේය.
සංවර්ධනය, දේශපාලන සාරධර්ම ,ජාත්‍යන්තර තර්ජන ,අභියෝග හා පොදු රාජ්‍ය මණ්ඩල සහයෝගිතාව ගැන ඒකාබද්ධ ප්‍රකාශනයේ කරුණු ඇතුළත් වේ.