මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරිම, උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාවය ලබා දීම හා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල රුපියල් පන් දහස දක්වා වැඩිකිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැඳවූ උද්ඝෝෂණය අවසානයේ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා ඇතුළු නිලධාරින් සමග පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා පැවසීය.
මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසූයේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය සම්බන්ධයෙන් තමන්ට තනිව තිරණයක් පැවසිය නොහැකි බවයි. ඒ ගැන රාජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව ද ඔහු කීවේය. එසේම මහපොල ශිෂ්‍යාධාර රුපියල් පන්දහසක් දක්වා වැඩිකරන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ශිෂ්‍ය දීමනා රුපියල් හාරදහසක් කිරිමට තිරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව සියයට දහයකින් වැඩි කිරීමට තීරණයක් ගෙන ඇතැයි ද, උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාව ලබා දීමට කටයුතු කරගෙන යන බව ද ග්‍රේරු මහතා කීවේය.

