සාකච්ඡා අසාර්ථකයි කැලණි සිසුහු කියති


කැලණි සරසවි සිසුහු දහසකට වැඩි පිරිසක් මහ වැස්සේ තෙමෙමින් කැළණියේ සිට පැය හතරක පා ගමනකින් කොළඹ වෝඩ් පෙදෙසේ  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණ පාරේ වාඩි වී සිටියහ.

 ඔවුන්ගෙන් නියෝජිතයින් හය දෙනෙක් ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනී මහාචාරීනී ක්ෂාණිකා  හිරිමුරේගම සමඟ පැයක පමණ සාකච්ඡාවක් පැවැත්වුහ.

 කන්නන්ගර නේවාසිකාගාරයට එල්ල වු මැර ප්‍රහාරය,ශිෂ්‍ය මර්දනය ,නව අභ්‍යන්තර පිරිමි නේවාසිකාගාර ලබා දීම ,කාන්තා නේවාසිකාගාරවල රැස්වීම පැවැත්වීමේ නිදහස  තහවුරු කිරීම හා සරසවිය තුළ  නිදහස තහවුරු කරන්නැයි ඔවුන්ගේ ඉල්ලීම් විය.

සාකච්ඡාව අසාර්ථක වී යැයි කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කිංස්ලි ගුණරත්න සිසුවා කියයි.