සාංචිය උඳුවප් සිසිලෙන් නැහැවෙයි


සැරියුත් මුගලන්  අග්‍රශාවක ධාතු ප්‍රදර්ශනයට සමගාමීව ඉන්දියාවේ  සාංචි පුද බිමේදී ශ්‍රී ලංකා මහා බෝධි සංගමය මෙවරත් සංවිධානය කළ  සංස්කෘතික උත්සවයක් සාර්ථක අයුරින් පැවැත්විණි.

 පසුගිය 13 වැනිදා රාත්‍රියේ  චේතියගිරිය විහාරයේ  ආලෝක පුජාවෙන්  සංස්කෘතික උත්සවයේ  කටයුතු  ආරම්භ විය.

අග්‍රශ්‍රාවක ධාතු ප්‍රර්ශන පිංකම 14 වැනි දා  පෙරවරුවේ ඇරැඹිණි.

සැරියුත් මුගලන් අග්‍රශාවක ධාතු ප්‍රදර්ශන පිංකම මෙවර පැවැත්වුයේ 61 වැනි වරටය.ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ  සභාපති දඹදිව සාංචි විහාරාධිපති බානගල උපතිස්ස  නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම කටයුතු සංවිධානය කැරිණි.

දෙදිනක් පුරා පැවැති අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනය  නැරැඹිමට පැමිණි  බෞද්ධ  බැතිමතුන්ගෙන්  සාංචි දුම්රිය  ස්ථානයේ සිට පුදබිම දක්වා  වන හැඩිගල්ලේ ශ්‍රී පඤ්ඤාතිස්ස  නාහිමි  මාවත පිරී පැවැතිණි.

සාංචි සංස්කෘතික උත්සවය 14 සහ 15 යන දෙදින රාත්‍රියේ පැවැති  නාට්‍ය ,නර්ථන  හා බැති ගී  ප්‍රසංගයන්ගෙන් විචිත්‍රවත් විය.

ඉන්දියාවේ  මධ්‍ය ප්‍රදේශ සංචාරක  ප්‍රවර්ධන සංස්ථාව  ශ්‍රී ලංකා මහා බෝධි සංගමය  එක්ව සංවිධානය කරන ලද  මේ ප්‍රසංගය සදහා  ඉන්දියාවේ  විවිධ පළාත් වල  කලාකරුවන්  මෙන්ම  භාත්කණ්ඩ  විශ්ව විද්‍යාලයයේ  ඉගෙනුම ලබන  ශ්‍රී ලාංකියක  සිසුහුද සහභාගී වුහ.

අග්‍රශාවක ධාතු ප්‍රදර්ශනය 15 වැනිදා  සන්ධ්‍යාවේ  නිමාවට පත් විය.

සාංචි විහාරස්ථ ආලෝක පුජාව අද පොහෝදා රාත්‍රීයේ අවසන්වේ.