(විනීතා එම් ගමගේ)
අම්පාර ඩී.එස් සේනානායක ජාතික පාසලේ සහ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ අද දින සා.පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට නියමිත ප්‍රශ්න පත්‍ර මේ වන තුරුත් ලැබී නොමැති බව වාර්තා වේ.
සංගීත, නැටුම්, චිත්‍ර සහ සිංහල රසාස්වාදය යන විෂය ප්‍රශ්න පත්‍රයන් අද දින පැවැත්වීමට නියමිත විය.
නියමිත විභාග ප්‍රශ්න ප්‍රත්‍ර නොලැබුණත් සිසුන් 300 කට ආසන්න සංඛ්‍යාවක් විභාග ශාලාවේ අසුන් ගෙන සිටින බව වාර්තා වේ.