පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ පස්වැනි සතියේ තරග අවසන් වන විටත් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අපරාජිතව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටියි.
සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ පස්වැනි සතියේ තරගයේදී කොළඹ ආනන්ද ලකුණු 43-25 ක් ලෙස පරාජය කිරීමට සමත් වූහ. ත‍්‍රිත්ව විදුහල මේ වන විට ප‍්‍රසාද ලකුණු 27.5 ක් ලබා සිටියි.
එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසු වන කොළඹ ඞී. එස්. සේනානායක විදුහල ප‍්‍රසාද ලකුණු 19.5 ක් ලබා සිටියි.
මහනුවර ප‍්‍රබල පාසලක් වන ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහභාගි වූ තරග පහම පරාජයට පත්ව අවසන් ස්ථානයේ පසුවෙයි.