සා.පෙළ කල් යයි


(යොහාන් භාසුර)

මැයි මස 15 වැනිදා ආරම්භවීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය (2022) සති දෙකකින් කල්දැමූ බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වැනිදා ආරම්භ කිරීමට මේ වන විට සැළසුම් කර ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බව කී එම නිලධාරියා උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීම සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීමට සිදුවූ බව ද සඳහන් කළේය.