ඩුබායි සිට ස්වීඩනය බලා පියාසර කරමින් සිටි ගුවන් යානයක ශ්‍රී ලාංකිකයකු තමා ළඟ බෝම්බයක් ඇතැයි කියමින් එහි නියමු කුටියට කඩා වදින්නට යද්දී මෙල්ල කැර ගත් බව ස්ටොක්හෝම් පොලීසිය කියයි.
ගුවන් යානය ඉරිදා දහවල් ආලන්ඩා ගුවන් තොටට ළඟා වෙමින් සිටියදී මොහු කෑ ගසමින් නියමු කුටිය වෙත දුවද්දී ගුවන් යානා කාර්ය මණ්ඩලය විසින් ඔහු මෙල්ල කැර බිම දමා ගනු ලැබීය.
ගුවන් යානය ආලන්ඩා ගුවන් තොටට බස්වන තුරු ඔහු මර්දනය කැර ගැනීමට සේවකයෝ සමත් වුහ.
ස්ටොක්හෝම් පොලීසිය පැවසුයේ ගුවන් යානයේ කලබල කළ ශ්‍රී ලාංකිකයා විලංගු දමා මෙල්ල කැර ගැනීමට ගුවන් සේවකයන් සමත් වු බවයි.එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

