(යොහාන් භාසුර)
අරුගම්බේ ප්‍රදේශයේදී ස්වීඩන් ජාතික සංචාරකයෙක් මුහුණ දුන් වැනි සිදුවීම් මෙරට සංචාරක ව්‍යාපාරයට සහ රටේ කීර්තිනාමයට දැඩි කැළලක් බවත් එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ උප සභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා ‘ලංකාදීප’යට අද (20) පැවසීය.
එම හෝටලය ලියාපදිංචි එකක් නම් සියලුම ආයතන හරහා නීතිය ක්‍රියාත්මක කළ හැකි බව කී ප්‍රියන්ත මහතා සඳහන් කළේ එය ලියාපදිංචි නොවූ හෝටලයක් නම් වාහාම වසා දැමිය හැකි බවත්ය.
මෙරට පැමිණෙන සංචාරකයන්ට ලියාපදිංචි හෝටල් සහ වාහන පිළිබඳ දැනුවත් කිරීමක් ගුවන්තොටුපලේදීම කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් අවස්ථා කීපයකදී ඉල්ලීමක් කර තිබුණ ද ඒ සඳහා කටයුතු කර නොමැති බව කී ප්‍රියන්ත තිලකරත්න මහතා එවැනි දැනුවත් කිරීමක් කර තිබුණේ නම් මෙවැනි සිද්ධීන් වළක්වාගත හැකිව බව ද සඳහන් කළේය.

