යාපනයේ දැරිය දූෂණය කළ අය අතර ස්විස්ටර්ලන්තයේ වැඩකරන යාපනයේ අරක්කැමියකුද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඔහු ස්විස්ටර්ලන්ත පුරවැසියකුද නැද්ද යන්න තහවුරුවී නැත.
මෙම සමූහ දූෂණය වීඩියෝ කළ බව මහජනයා කියතත් එය තහවුරුවී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
මහජනයා කලබල වී උද්වේගයෙන් හැසිරීම නිසා නඩුවේ සාක්කි විනාශවී යන බවත් දැනටම එවැනි සිද්ධියක් වී ඇති බවත් ගුණසේකර මහතා කියයි.
සැකකරුවන්ගේ ගෙවල් කිහිපයකට ගිනි තබා ඇතැයිද ගිනිතැබූ එක් ගෙයක එම දැරියගේ කරාබු දෙකක් තිබූ බවට තොරතුරු ඇතත් ඒ සාක්කිද විනාශවී ඇතැයි ඔහු පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය එම ප්‍රදේශයේ ආරක්ෂාවට කැඳවා ඇත.
පොදු දේපළට හානි කර ඇති සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
වීඩියෝ - රොමේෂ් මධුෂංක

