ටිකට්ටුවක් නොමැතිව දුම්රියේ ගමන් කරමින් සිටි ස්විට්සර්ලන්ත ප්‍රාන්ත කැබිනට් ඇමැතිවරයකුට දුම්රිය ටිකට් පරීක්ෂකයෙන් විසින් ස්විස් ප්‍රැන්ක් 100ක (රුපියල් 13635) දඩ නියම කළේය.
දඩය නියම කිරීමෙන් පසුව ඇමැතිවරයා වහාම එම දඩ මුදල ගෙවීය.
ඇමැති අත තිබුනේ දෙපැයකට වලංගු ටිකට් පතකි. පරීක්ෂකවරුන් බලන විට එය අවලංගු ටිකට්පතකි.
ටිකට්ටුවක් ළඟ තිබියදී දඩ ගැසීම අසාධාරණ බවත්, බලධාරීන්ට පැමිණිලි කරන බවත් ඇමැති කීවේය.
තමන් කටයුතු කරන්නේ රජය පනවා ඇති නීතියට අනුව බව ටිකට් පරීක්ෂක කීය.