ශ්‍රි ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෙයින්ස් වෝල්කර් නෙඩෙර්කොර්න් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද (26) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී සිදුවිය.
මෙම වර්ෂය අවසානයේ ආරක්ෂක ප්‍රතිපත්ති සදහා වන ජිනිවා මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේදී පැවැත්විමට නියමිත ජාත්‍යන්තර ආරක්ෂක උපදේශකයින්ගේ සමුළුව පිළිබදව මුලිකව වැදගත් වන කරුණු පිළිබඳ එහිදී සාකච්ඡා කැරිණි.
කෝලිත ගුණතිලක මහතා සුහදත්වය සංකේතවත් කරමින් ස්විට්සර්ලන්ත තානාපතිවරයාට සමරු ඵලකයක්ද පිරිනැමීය.