(ශිරාන් රණසිංහ)
ඉන්දීය, චීන හා ජපන් ආයෝජන යටතේ හම්බන්තොට හා කෙරවළපිටිය ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 1400ක එල්. එන්. ජී. (ස්වභාවික වායු) බලාගාර ව්‍යාපෘතියට ඉංජිනේරු සංගමය විරෝධය පළකිරීම නිසා විදුලි අර්බුදය උග්‍ර අතකට පෙරළී තිබේ.
මෙම බලාගාර මගින් ජනනය කරන විදුලි ඒකකයක මිල ගණන් පිළිබඳ හෙළි නොකර විදේශ රටවල්වල බලාගාර මෙරට ඉදිකිරීම නිසා එම ව්‍යාපෘතියට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය මෙලෙස විරෝධය පළ කර ඇත.
ජාතික විදුලි ජනන සැලසුම පමා කිරීම නිසා රට තුළ අද හෙටම බරපතල විදුලි අර්බුදයක් ඇති වන බවද මහජන උපයෝගීතා කොමිසම සමඟ කෙරෙන කටයුතු වලින් තම සංගමය මේ වනවිට ඉවත්ව සිටින බව ද ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.
මේ සම්බන්ධව මහජන උපයෝගිතා කොමිසමෙන් කළ විමසීමේදී එහි ජ්‍යේෂඨ ප්‍රකාශකයෙක් කියා සිටියේ රජය ගත් තීරණයක් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් ඊට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දුන් බවත්ය.
මේ අතර මහජන උපයෝගිතා කොමිසම සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අතර ඇති වී තිබෙන විදුලි අර්බුදය තවත් උත්සන්න වනු ඇතැයි විදුලිබල මණ්ඩලය පාලනාධිකාරියේ නිලධාරියෙක් කියා සිටියේය.