පැවැති රජය පෙරළන හැටි කියා දුන් අතුරලියේ රතන හිමියන්ට ස්වාධීන වීමට ඉඩ නොදෙන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. රතන හිමියන් ද සහභාගී වූ කළුතර රන් අස්වනු නෙළීමේ උත්සවයේ දී රාජිත සේනාරත්න මහතා මේ බව කීවේය.
ඇමති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ රතන හිමියන් කියා සිටියේ ස්වාධීන වන කතාව බොරුවක් බවයි.
‘සමහර අය කියනවා මම ආණ්ඩුවෙන් යන්න හදනවා කියලා. ස්වාධීන වුණා කියලා බොරු කතා පතුරනවා. ආණ්ඩුවේ මම ඉන්නවා. මේ ආණ්ඩුව හිර කරගෙන අපිට ඕනෑ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිමයි අපේ ප්‍රධාන වගකිම.‘ යැයි එම අවස්ථාවේ රතන හිමියෝ කීහ.
‘‘අතුරලියේ රතන හිමියන් තනියෙන් ස්වාධීන වෙන්න හදනවා. තනියෙන් කාටවත් ස්වාධීන වෙන්න බැහැ. ඊට අපි ඉඩ දෙන්නෙත් නැහැ. රජය ලබාදුන් පොරොන්දු ඉටු කර ගැනීමේ සටන අපි ජය ගත යුතුයි. පැවැති රජය පෙරළන හැටි කියලා දුන්නෙත් රතන හිමියන්. වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය ගැන කියලා දෙන්නෙත් රතන හිමියන්. උන් වහන්සේ ගුරුවරයෙක් වගේ.” යැයි ද රාජිත සේනාරත්න මහතා පැවසීය.

