ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ධූරයට හිටපු සභාපතිවරයකු වූ අනුර සිරිවර්ධන මහතා යළි පත්කැර ඇත. ගාල්ලේ පිටිගල උපන් ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. දක්ෂ පරිපාලන නිලධාරියකු ද වන සිරිවර්ධන මහතා සමූපකාර හා වෙළඳ අමාත්‍යාංශය, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය හා කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.

