මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලේ මහේෂිකා රූපසිංහ වැඩ බැලූ විදුහල්පතිනිය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග නඩු කියා ජය ගත්තාය.
ඇය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරියක ලෙස කරන ලද මාරුව අවලංගු කළ මහනුවර මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මධ්‍යම පළාත් සභාවට නියෝග කළේ ඇය එම විදුහලේම විදුහල්පති හෝ ඒ හා සමාන සුදුසුකම් ඇති වෙනත් විදුහලක විදුහල්පතිනිය ලෙස පත් කරන ලෙසයි.
මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති, පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් හා පළාත් රාජ්‍ය සේවා කොමිසමට එරෙහිව රිට් ආඥාවක් පතමින් ඇය උසාවි ගියාය.