ස්වර්ණ පුස්තක සම්මානය චන්ද්‍රරත්න බණ්ඩාරට


(අංජුල මහික වීරරත්න)

2025 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය ප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාර මහතා  හිමි කර ගත්තේය.

ඒ ඔහු රචනා කරනු ලැබූ " පියාසර සමය" නවකතාව වෙනුවෙනි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ  සංගමය සංවිධාන කරන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද(13) පැවැත්විණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.