ස්වදේශ ඇමති රජයේ සේවක බිය අරියි


රජයේ සේවකයින් සිය රාජකාරි සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට හෝ බරපතල මූල්‍ය අපරාධ කොට්ඨාශයට (එෆ්සීඅයිඩී) කැඳවීමට කිසිදු නීත්‍යනුකූල හැකියාවක් නැතැයි ස්වදේශ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

රජයේ නිලධාරීන් ආයතන සංග්‍රහය අනුව කටයුතු කරන බවත් එලෙස කටයුතු කිරීමේදී යම් වරදක් සිදුකළහොත් එම ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ හෝ දඬුවම් දීමේ ක්‍රමවේදයක් රාජ්‍ය යාන්ත්‍රනයේ පවතින බැවින් එෆ්සීඅයිඩී කැඳවීම අවශ්‍ය නැතැයිද අමාත්‍යවරයා පවසයි. එලෙස කැඳවීමක් කළහොත් රජයේ නිලධාරීන් වෙනුවෙන් තමන් ඕනෑම මොහොතක පෙනී සිටින බවද අමාත්‍යවරයා කීවේය.

ඒ නිසා බය නැතිව තමාට පැවරෙන රාජකාරි නිසිලෙස ඉටු කරන්නැයිද අමාත්‍යවරයා රජයේ නිළධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

1 2 3