ස්වදේශ අමාත්‍යංශය කකුල කටේ දමාගනී


ස්වදේශ අමාත්‍යංශයේ නිල ප්‍රවෘත්ති නිවේදනයකි. අස්ගිරි මහ නායක ගලගම අත්ථදස්සි නාහිමියන්ගේ අභාවය ගැන එම නිවේදනය නිකුත් කර ඇත්තේ ලේකම් ජේ.ජේ.රත්නසිරි විසිනි.

එම නිවේදනයේ දෙවැනි ඡේදයේ සඳහන් වනුයේ මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වූ බවයි. මහ නායක හිමියන්ගේ නම එහි නැත. මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වී තුන් මාසයේ දානය ද අවසන් වී ඇත.