ස්ප්‍රීතු තොගයක් රේගුවේදී අල්ලයි


අනවසරයෙන් ගෙන්වූ ස්ප්‍රීතු බැරල් 310ක් සුරාබදු නිලධාරීන් විසින් කොළඹ වරාය රේගු අංගනයේදී අත්අඩංගුවට ගත් බවත්, එක් බැරලයක ලීටර් 200ක් තිබූ බවත් සුරාබදු නිලධරයෝ කියති.

රජයට සම්බන්ධ ප්‍රභල දේශපාලනඥයෙක් මෙම ස්ප්‍රීතු තොගය ගෙනෙන්නට මූලික වන්නට ඇතැයි රේගු හා සුරාබදු ආරංචි කියයි.