ස්නායු ලෙඩ තුනක බැරිබරට සරසවිය උරදෙයි


ස්නායුගත රෝග තුනකට අදාල ජාන පරීක්ෂණ ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජාන හා පර්යේෂණ විද්‍යාගාරය මඟින් දැරීමට හැකි සහනදායී මුදලකට සිදුකර දීමට මහාචාර්ය රනිල් ද සිල්වා මහතා විධිවිදාන යොදා ඇත.

මෙම ස්නායු රෝග තුන හන්ග්ටින්ටන් , ස්පයිනෝසෙරිබෙලා හා පෙඩ්රික් ඇටැක්සියා නමින් හැඳින්වේ.

වසර තිහ ඉක්මවූ සමහර කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම වැළඳිය හැකි රෝගී තත්ත්වයක්ය. තමන්ට තමන් පාලනය කරගැනීමට අපහසුවීම, බුද්ධියේ දුර්වලතා, ඇවිදීමේ අපහසුකම් යනාදිය මේ නිසා ඇතිවෙයි.

ලෝකයේ වෙසෙන පුද්ලයින් ලක්ෂයකින් හතරදෙනකු මෙම රෝගයට ගොදුරුවන බව සොයාගෙන ඇත. මෙම රෝගීන් ශ්‍රී ලංකාවේද දකින්නට ඇත. මෙහිදී සිදු කෙරෙන ජාන පරීක්ෂණ උදෙසා අධික මුදලක් වැය කිරීමට රෝගීන්ට සිදුවී ඇත. ඇතැම් රෝගීන්ට කිසිසේත් එම මුදල දැරීමට නොහැකි බැවින් මෙම විශ්ව විද්‍යාලය සහාය වෙයි.

ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මඟින් රෝගීන් පැමිණි යුතුය. මේ සඳහා රෝගීන්ගේ සාම්පල රැස් කිරීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහල, කරාපිටිය, රාගම, කුරුණෑගල යන රෝහල්වලට තාක්ෂණවේදීහු පැමිණෙති.

පරීක්ෂණය සම්බන්ධ විස්තර දැනගැනීමට හා ඒ සඳහා යොමුවීමට අවශ්‍ය රෝගීන් වෙතොත් සතියේ දිනවල කාර්යාල වේලාවේදී 011 275 86 97 යන දුරකථන අංකයෙන් විමසිය යුතු බව වෛද්‍ය පීඨය සඳහන් කරයි.