ශරීරය අවදානමකට පත් කරවන හදවත, මධ්‍යම ස්නායු පද්ධතිය වැඩි ඉන්ද්‍රියන්ට ස්ටෙම් සෙල්ස් (මූලික සෛල) භාවිත කර එම ඉන්ද්‍රිය ප්‍රකෘත්තිමත් කිරීමේ විස්මිත ක්‍රමවේදය ළඟදීම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට යයි.
නාරි හා ප්‍රසව විශේෂඥ ශල්‍ය වෛද්‍ය මාහාචාර්ය හේමන්ත දොඩම්පහල මහතා පැවසුයේ මේ සඳහා වන අනුමැතිය ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට මේ වන විට හිමි වී ඇති බවයි.
ලොව පිළිගත් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමාගමක් හා එක් වී ප්‍රමුඛ පෙළේ දේශීය ආයතනයක් මෙම කර්තව්‍යය ශ්‍රී ලංකාවේ ඇරැඹීමේ මූලික ක්‍රියාමාර්ග මේ වන විට කරගෙන යන බව ද මාහාචාර්ය වරයා කීවේය.
දුර්වල හෘදයට වස්තුව ශක්තිමත් කිරීම, ස්නායු පද්ධතිය දිරාපත් වීමේ දී ඇති වන සංකූලතා මගහැරීම, ආඝාත, පාකින්සන් වැඩි රෝග තත්ත්වයනට පත්වන්නන් එම තත්ත්වයෙන් ගලවා ගැනීම යනාදියත් මූලික සෛල බද්ධ කිරීමෙන් හැකිවන බවත්, ඊට අමතරව නල දරු තාක්ෂණය සක්‍රීය කරමින් ඊට අදාළව විවිධ කාර්යයන් ඉටු කිරීමට හැකි වන බවත් මාහාචාර්ය දොඩම්පහළ පැවසීය.

