ස්ටුවර්ට් අතුරුදන් : සෙරෙප්පු දෙක බොල්ගොඩ වැව අයිනේ


මාවනැල්ලේ හිඟුලෙන් බොල්ගොඩ හෝටලයක ස්ටුවර්ට් රැකියාවට පැමිණි එස්.එම්.ජී. සමන් ශානක ගැමුණු කන්දෙමුල්ල (40) බදාදා (21) පස්වරු 5.30න් පසු ආගිය අතක් නැතැයි හෝටලය පොලිසියට දන්වා ඇත.

ඔහු බොල්ගොඩ වැව අසල පිහිටි මෙම අවන්හලේ සේවය කළ ඔහුගේ සෙරෙප්පු දෙක ජංගම දුරකථනය හා රුපියල් 20ක් සහිත මුදල් පසුම්බිය ගඟ අයිනේ තිබී සොයාගෙන ඇති බවත් ඒ අසල සිගරට් පැකට් කිහිපයක් ද තිබූ බවත් පොලිසිය පවසයි.

මාසයකට පමණ පෙර හෝටලයේ සේවයට ආ ඔහු ගමේ ගොස් යළි සේවයට පැමිණි ඇත්තේ දින දෙකකට පමණ පෙර බවද කියති.

vlcsnap-2016-09-22-10h24m06s74 vlcsnap-2016-09-22-10h25m01s116 DSC01446[1] DSC01491[1]