රාජ්‍ය සේවකයන් වෙනුවෙන් අග්‍රහාර රක්ෂණය ක්‍රියාත්මක වෙද්දී බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන ‘ගුරු පවුර‘ රක්ෂණ ක්‍රමයට දායක වන ලෙස ගුරුවරුනට බලපෑම් කිරීම නීතිවිරෝධී යැයි ලංකා ගුරු සංගමය කියයි.
ගුරු පවුර රක්ෂණ ක්‍රමයට නොබැඳෙන ගුරුවරුන්ගේ නාම ලේඛනයක් දෙන්නැයි කැලණිය කලාප කාර්යාලයයේ ප්‍රධානියකු නියෝග කර ඇති බව ද, රක්ෂණ මූලධර්ම අනුව රක්ෂණ දෙකක ප්‍රතිලාබ නොගෙන වන බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
මෙම රක්ෂණ ක්‍රමයට දායක වන බස්නාහිර ගුරුවරයකු වෙනත් පළාතකට මාරු කළ හොත් රක්ෂණයට කුමක් සිදු වන්නේ ද යන්න සහ මෙම රක්ෂණයට පළාත් අය වැයෙන් ප්‍රතිපාදන වෙන්කළේ ද යන්න බලධාරීන් පැහැදිලි කළ යුතු බවත් ලේකම් පවසයි.