ඇසළපුර පසොළොස්වක පොහෝ දින (22) සිට දින 108 ක් පුරාවට ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ ශ්‍රී සර්වඥ ධාතුන්වහන්සේලා ප්‍රදර්ශනයක් පැවැත්වේ.
එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක කඹුරාවල සිරි රේවත නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම අද(22) උදෑසන ඇරැඹිනි.
බුදුරජාණන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වු මෙම උතුම් පොහෝ දිනයේ උපසපන් භික්ෂුන් වහන්සේලා පෙරවස් සමාදන් වෙති.
ඊට පෙර සිදු කෙරෙන උතුම් ශාසනික විනය කර්මයකි ,ප්‍රාතිමොක්ෂය දේශනාව.
දෙදියවල විමල මහා ස්ථිවරයන් වහන්සේ ථෙරාසනයේ වැඩ සිටියදී ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ වැඩ වසන කඹුරුවල සිරි රේවත , දෙනගම ධම්මාරාම,මතුගම පාලිත යන හිමිවරු මෙම ශාසනික විනය කර්මය සිදු කළහ.
ඇසළ පුර පසොළොස්වක පොහෝදින සිට 108 ක් පුරා දිනපතා උදෑසන 7 ට දහවල් 11ට සහ පසුදා රාත්‍රී 9 ට ඉතිපිසෝ ගාථාව 108 වරක් බැගින් සජ්ඣායනා කැර සම්බුද්ධ පුජාව පැවැත්වේ.