මහා බ්‍රිතාන්‍යයේ මෙට්‍රොපොලිටන් පොලිසියේ සහ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ නිල වෙබ් අඩවියේ තොරතුරු ලබාගැනීමේ පිටුවක වැරදීමකින් දෙමළ භාෂා තොරතුරු කොටසෙහි දෙමල ඊළාම් කොඩිය ඇතුළත්කිරිමට එරෙහිව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකික සංසදයේ සභාපති ජනක අලහප්පෙරුම විසින් ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පැය කිහිපයකට පසුව එම වෙබ් පිටුවෙන් ඊළාම් කොඩිය ඉවත් කරගෙන තිබේ.
අලහප්පෙරුම මහතා පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය මෙම තීරණය ගෙන තිබේ. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකික සංසදයේ වෙනුවෙන් ඔහු විසින් කරන ලද පැමිණිල්ලට පිළිතුරක් එවන බවත් පොලිසිය පවසයි.