
ලොව ප්‍රකට කාටුන් කතා මාලාවක් වන ස්කූබි ඩූ හි සම නිර්මාතෘ කෙන් ස්පියර්ස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අමෙරිකානු රූපවාහිනී රචකයෙකු, නිෂ්පාදකවරයෙකු මෙන්ම ශබ්ද සංස්කාරකවරයෙකු වූ හෙතෙම අභාවප්‍රාප්ත වන විට 82 වැනි වියේ පසුවිය.
ජෝ රූබි සමඟ එක්ව ඔහු ස්කූබි ඩූ කාටුන් කතා මාලාව නිර්මාණය කර තිබේ.
ස්කූබි ඩූ වෙයර් ආ යූ නමින් මෙම කාටුන් කතාමාලාව අදියර දෙකක් වශයෙන් 1969 වසරේ සිට 1970 වසර දක්වා විකාශය විය.
හැනා බාබරා ආයතනයේ නිෂ්පාදනයක් ලෙස මෙම කාටුන් මාලාව ප්‍රථමයෙන් එළිදැක්වීය.
කෙන් ස්පියර්ස් මහතාගේ මරණය සිදුවන්නේ ජෝ රූබි මහතාගේ මරණයෙන් මාස 3 කට පසුවය.
ස්පියර්ස් මහතාගේ මරණය අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හිදී සිදුවූ බව ඔහුගේ පුත්‍රයා තහවුරු කර තිබේ.
බීබීසී ඇසුරෙනි
226

