ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් කණ්ඩායම් අට අතරට තේරි සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද සුබ පැතීය.
නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු කණ්ඩායම සමග අද (15) දහවල් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ ජනාධිපති සිය සුබ පැතුම් පිරිනැමීය. 2015 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ශක්තිය ධෛර්යය ලංකාවට ලැබේවායිද ප්‍රාර්ථනය කළේය.
සුවිශේෂි දක්ෂතා දක්වමින් ලෝක වාර්තා කිහිපයක් පිහිටවූ කුමාර සංගක්කාර මාතෘ භූමියේ කීර්තිනාමය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ඔහුටද ජනපති ස්තුති කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකුවූ ගාමිණී දිසානායක මහතාගේ පුත් වත්මන් ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාද එම අවස්ථාවට එක්විය.
(ඡායාරූප - සුදත් සිල්වා)




