(රොමේෂ් මධූෂංඛ)
උතුරු ප්‍රදේශයේ ජීවත් වූ සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන් යුද්දයට පෙර සිටි අයුරින් එකම සහෝදරයින් ලෙසින් නැවත ජීවත් විය යුතු බව අස්ගිරි පාර්සවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියෝ වව්නියාව පොලිස් සංකීර්ණයේ ඉදිකරන ලද චෛත්‍යෙයහි කොත නිරාවරණය කිරීමේ උත්සවයට අද (06) සහභාගී වෙමින් පැවසුහ.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ගේ හා නියෝජ්‍ය පොලිස්පති වරුන්ගේද එයට එක්වුහ.
‘උතුරේ සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන් එකට ජීවත් වෙනවා. අපි අතර භේදයක් ඇති වුනේ මේ මෑතකදිනේ. මේ පළාත තුල සියලු දෙනාම සහෝදරයින් ලෙසින් ජීවත් වූ විදිහ නැවත ඇති විය යුතුයි මේ ඇණ කොටා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ අපි සමගියෙන් සමාදානයෙන් ජීවත් වීමෙන් තමයි මිනිසත් බව ඇතිවෙන්නේ මිනිසුන් කියන්නේ අනුන් ගැන හිතන්න පුලුවන් ක්‍රියාකරන්න පුලුවන් පිරිසක් මනුස්සත්වය අපි ඇතිකරගන්නට වර්ධනය කරගන්නට ඕනෑ බව හිමියෝ කිහ.







