
(අංජුල මහික වීරරත්න)
මේ වසර අවසානය වන විට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක අතිරික්තයක් ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වසර අවසානයේ සහල් මෙට්‍රික් ටොන් 24ක අතිරික්තයක් ලැබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇතැයි කී අමාත්‍යවරයා එයින් පරිභෝජනයට යන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ විසි හතරක් පමණක් බව සඳහන් කළේය.
ඉදිරියේදී අපනයනය කළ හැකි සහල් වර්ග නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමට කාලය පැමිණ තිබෙන බවද අමාත්‍යවරයා කීය.
2022 වසරේදී මෙරටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ අටක් ආනයනය කළ බව කී මහින්ද අමරවීර මහතා ඒ සඳහා ඩොලර් මිලියන 300 ක් වැය කර තිබෙන බව සඳහන් කළේය.
2023 වර්ෂයේ දී සහල් ඇටයක්වත් ආනයනය කර නැතැයිද ඒ අනුව වී ගොවීන් රටට ඩොලර් මිලියන 300ක් ඉතුරු කර තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.

