(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට මෙම මස 4 වැනිදා අවසර දීමෙන් පසුව අද (19) වන විට පෞද්ගලික සහල් ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 22,600ක් ආනයනය කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
එම සහල් මෙට්‍රික්ටොන් 22,600 ට කැකුළු සහල් මෙට්‍රික්ටොන් 9,600 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 13,000ක් ඇතුලත් බවද අරුක්ගොඩ මහතා කීය.
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ කාලය හෙය (20) අවසන් වේ.